045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

වීථීරේඛා හා නොපවරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීම

1. සුදුසුකම්:

ඉඩම හෝ දේපල හෝ ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටා තිබිය යුතුය.

අදායම් බදු හිඟ තැබීමකින් තොරව ගෙවා තිබිය යුතුය.

ඉඩම හෝ දේපල වරිපනම් බල ප්‍රදේශයේ පවතී නම් වරිපනම් ලේඛනයේ ලියාපදිංචි කර තිබීම.

2. අවශ්‍ය ලිපි ලේඛන

  1. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය (ගාස්තු අය නොකෙරේ)
  2. ඉඩමේ ඔප්පු මුල් පිටපත හා එහි පිටපතක්
  3. මිනින්දෝරු සැලැස්ම මුල් පිටපත හා එහි පිටපතක්
  4. මුල් ඔප්පුව බැංකු ශාඛාවේ පවතී නම් එකී ඔප්පුවේ බැංකුව මගින් සහතික කරන ලද පිටපතක්

3. ගාස්තු

වීථීරේඛා හා නොපවරවා ගැනීමේ සහතිකය ලබා දීමේ අය කිරීම් ගාස්තු = රු. 1,000.00

4. විශේෂ නියමයන්

පළාත් පාලන ආයතන වෙත සේවා අවශ්‍යතාවය / නීතිමය අවශ්‍යතා සඳහා ඉදිරිපත් කරනු ලබන දේපල පැවරීමකට අදාළ ඔප්පු (විකුණුම් / ත්‍යාග ඔප්පු / හුවමාරු ඔප්පු) 2020.01.01 දින හෝ ඊට පසු ලියා සහතික කරනු ලැබ ඇති විට, ඊට අදාළ දේපල සම්බන්ධව එම ඔප්පු මත නිවරදි වටිනාකමට මුද්දර ගාස්තු ගෙවා ඇති බවට හෝ නිවරදි වටිනාකම සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඌන මුද්දර ගාස්තු ප්‍රමාණය ගෙවා ඇති බවට වන සහතිකයක් පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් යොදා ඇත්නම් පමණක් එකී අවශ්‍යතාවය ඉටුකර දීමට හැකියාව පවතී.

5. බාගත කිරීම්

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305