045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

ඉඩම් අනු බෙදුම් සැලසුම් අනුමත කිරීම

ඉඩම් අනු බෙදුම් සැලසුම් අනුමත කිරීම

1. ඉඩම් අනු බෙදුම් සැලසුම් අනුමත කිරීම (ඉඩම් කට්ටි කර විකිණීම)

ඉඩම් කට්ටි කර විකිණීමට අදාළ කටයුතු සිදු කරනු ලබන ඉඩම් හිමියා / ඉඩම් වෙන්දේසිකරු / අනු නියෝජිත / දේපල වෙළඳාම් සමාගම් විසින් ඉඩම් කට්ටි කර විකිණීමට පෙර අදාළ ඉඩම් කට්ටිය සඳහා විධිමත් අනුමැතියක් ලබා ගැනීම අනිවාර්ය වේ.

එසේ නොමැති විට අදාළ ඉඩම් කට්ටි වල සිදු කරනු ලබන ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම හා වෙනත් පහසුකමක් සලසා දීමේ හැකියාවක් නොමැත.

2. අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
  2. අදාළ ඉඩමේ මිනින්දෝරු සැලසුමේ මුල් පිටපත හා සහතික කරන ලද පිටපතක්
  3. අදාළ ඉඩමේ ඔප්පු පිටපත - ඔප්පුව 2020 න් පසුව ලියාපදිංචි කර ඇත්නම් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මුද්‍රාව තිබිය යුතුය
  4. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් (NBRO) ලබා ගත් භූමි යෝග්‍යතා සහතිකය

3. විශේෂ නියමයන්

හෙක්ටයාර 1 කට වැඩි ඉඩම් කට්ටි කර විකිණීමේ දී ඉඩමේ ඔප්පු ප්‍රමාණයෙන් 10% (මාර්ග හා කාණු හැර) බිම් කොටසක් පොදු කටයුතු සඳහා ඔප්පුවකින් වෙන් කර දිය යුතුය.

ඉඩමේ වටිනාකමින් 1% ක මුදලක් සභාවට ගෙවිය යුතුය.

සටහන: නාගරික සංවර්ධන ආඥා පනත ක්‍රියාත්මක වන වසම් සඳහා එම පනතෙහි විධිවිධාන අනුව කටයුතු කරනු ලැබේ.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305