දාහක කාමරය
පිහිටීම :
බළන්ගොඩ නගරයේ සිට කල්තොට පාරේ කි.මි.3ක් පමණ පැමිණි පසු කිරිමැටිතැන්න හන්දිය හමුවේ. එම හන්දියෙන් දකුණට හැරී වැලිගෙපොල මාර්ගයේ කි.මි.2ක් පැමිණි විට පාරෙන් දකුණු පස මනරම් පරිසරයක බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් දාමහන ආදාහනාගාරය පිහිටා තිබේ.
ආදාහනාගාරය වෙන් කිරීම
(01) නෛතික අධිකාරිය
- 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 127 වන වගන්තිය සමඟ කියවිය යුතු 231 වන අධිකාරය වූ සුසාන භූමි හා භූමිදාන ආඥා පනත.
- පළාත් පාලන ආයතනය විසින් සාදන ලද ආදාහනාගාර අතුරු ව්‍යවස්ථාව.
- මෘතදේහයක් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන විට අපරාධ නඩු විධාන සංග්‍රහය.
(02) සුදුසුකම්
- හදිසි අනතුරක් හේතුවෙන් හෝ වෙනත් කිසියම් හේතුවක් මත මිය ගිය තැනැත්තෙකුගේ මෘතදේහයක් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ මරණ පරීක්ෂණයකදී, අදාළ මෘතදේහය ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර නැති හෝ ස්වාභාවික මරණයට පත් වූ තැනැත්තකුගේ මෘතදේහයක් විය යුතුය.
- සියදිවි හානි කර නොගත් මෘතදේහයක් විය යුතුය.
- බලංගොඩ මැතිවරණ කොට්ඨාසය තුල ජීවත් ව සිටි අයකු විය යුතුය.
- බලංගොඩ මැතිවරණ කොට්ඨාසයෙන් පිට අයෙකු නම් අමතර ගාස්තුවක් අය කරනු ලබයි.
(03) ගාස්තුව
👉 සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන ගාස්තුවක් විය යුතුය.
ආදාහනාගාර සේවාව සැපයීම සඳහා අයකිරීම
- බලංගොඩ මැතිවරණ කොට්ඨාසය ඇතුළත මෘතදේහයකට අය කිරීම – රු.17,000.00
- බලංගොඩ මැතිවරණ කොට්ඨාසය පිටත මෘතදේහයකට අය කිරීම – රු.18,000.00
(04) ඉදිරිපත් කළ යුතු ලේඛන
- ආදාහනාගාර ඉල්ලුම් පත්‍රය
- මිය ගිය තැනැත්තාගේ සත්‍ය මරණ සහතිකය හෝ උප්පැන්න හා මරණ රෙජිස්ටාර් විසින් නිකුත් කරන තාවකාලික මරණ සහතිකය හෝ මරණ පරීක්ෂණ තැන විසින් ලබා දෙන සහතිකය (B18).
(මෙම සහතික වල ආදාහනයට අවසර ලබා දී තිබීම හා දාමහන ආදාහනාගාරය ලෙස සටහන් විය යුතුය.) - ඉල්ලුම් කරුගේ ජාතික හැඳුනුම්පත.
* ගාස්තු රහිතව සේවාව සැපයීම
👉 වැඩිහිටි හා ආබාධිත නිවාස වල නේවාසික ව සිට මිය ගිය අයගේ දේහයන් ගාස්තු රහිතව ආදාහනය කරනු ලබයි.
(අදාළ දේහයන් ආබාධිත හා වැඩිහිටි නිවාස වල සිට මිය ගිය අය බවට ග්‍රාම නිලධාරි හෝ ප්‍රාදේශීය ලේකම් විසින් සනාථ කල යුතුය.)
(05) කාර්ය පටිපාටිය
- දිනය/වෙලාව/අවශ්‍ය ලේඛන දැන ගැනීම සදහා කාර්යාලයට පැමිණ හෝ දුරකථනයෙන් විමසීම.
- අවශ්‍ය ලේඛන සමග කාර්යාලයට පැමිණීම හා විෂය නිලධාරී ලේඛන පරීක්ෂා කර අයදුම් පත්‍රය ඉල්ලුම් කරුට ලබා දීම.
- ඉල්ලුම්කරු අයදුම් පත්‍රය සම්පූර්ණ කල පසු විෂය නිලධාරී විසින් එහි කාර්යාල පිටපත හා ලදුපොත සම්පූර්ණ කර ආයතන ප්‍රධානීගේ අත්සන හා අනුමැතිය හා නිල මුද්‍රාව සහිතව ඉල්ලුම්කරු මුදල් ගෙවීම සදහා පෙරටු කාර්යාලයට යොමු කිරීම.
- පෙරටු කාර්යාලය මගින් මුදල් ගෙවූ වවට ලදුපත සහ මෘතදේහ ආදාහනය කිරීමට නිකුත් කරන අවසර පත්‍රය ඉල්ලුම් කරුට ලබා දීම.
- විෂය නිලධාරි මගින් දුරකථනය මගින් ආදාහන ක්‍රියාකරුට මුදල් ගෙවූ බවටත් ආදාහන දිනය හා වේලාව දැනුම් දීම.
- විෂය නිලධාරී විසින් ආදාහන ලේඛන ගත කිරීම.
වැඩි විස්තර සඳහා කාර්යාල දුරකථන අංකය හා සම්බන්ධ වන්න: 045 2287276 අමතන්න.
සේවා
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305








