ලේකම්තුමාගේ පණිවිඩය
දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් මගින් මුළු විශ්වයම ග්‍රහනයට නතුකරගෙන ඇති මෙම කාල වකවානුවෙහි එම තාක්ෂණික මෙවලම් සමග අත්වැල් බැද ඒ හා සමගාමීව පෙර ගමන්කරුවෙකු සේ ඉදිරියට යාම සදහා අප ආරම්භ කරන මෙම වෙබ් අඩවිය මහගු රුකුලක් වනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි.
නවීන තාක්ෂණික මෙවලම් පිළිබද සෝදිසියෙන් හා උනන්දුවෙන් පසුවන තරුණ පරම්පරාවහට අප වෙබ් අඩවිය මහගු තෝතැන්නක් වන්නා සේම බල ප්‍රදේශය තුළ අප ඉටුකරනු ලබන සේවාවන් හා කාර්යයන් මෙන්ම දැවැන්ත සංවර්ධන ක්‍රියාවලීන් ද ආකර්ෂණීය ලෙස නිවැරදිව ජන හද තුළට ඉතා විනිවිදභාවයකින් යුක්තව ඇතුලත් කිරීම අරමුණ කරගෙන එමගින් බල ප්‍රදේශය, සබරගමුව පළාත තුළ මෙන්ම ශ්‍රී ලංකාද්වීපය පුරාවටම පැතිරුණු සුවිශාල කාර්යභාරයක් අප වෙබ් අඩවිය මගින් ඉටුකිරීමට හැකියාව හා ශක්තිය ලැබේවායී හෘද්‍යාංගමව ප්‍රාර්ථනා කරමි.
ජී.කේ.ආර්.එන්. ප්‍රේමරත්න මිය
ලේකම්
බලංගොඩ ප්‍රාදේශීය සභාව
අප ගැන
අමතන්න
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
045-2287276
045-2288909
balangodaps@gmail.com
071-3734992
077-4073305