සභාපතිතුමාගේ පණිවිඩය
නව ශ්‍රී ලංකාවක් ගැන සිහින දකින සංක්‍රාන්තික සමයක ඇරඹුමක් සමඟ මෙම වෙබ් අඩවිය, බලංගොඩ ප්‍රාදේශීය සභාව මඟින් සිදුකරනු ලබන කටයුතු, ලැබූ සාර්ථකත්වයන්, මුහුණ දී තිබූ අභියෝග සහ අනාගත උත්සාහයන් පිළිබඳ ජනතාවට පැහැදිලි දැක්මක් ලබාදීමට මහගු රුකුලක් වනු ඇත.
අපි ජීවත් වූ ලාංකීය භූමිය පසුගිය වසර සිය ගණනක් තුළ පැවතියේ අසමානතා, අනීතිකභාවයන් හා පරිසර විනාශයන් ආදී ගැටළු රැසක් මධ්‍යයේය. මේවාට පිළියම් සෙවීමට නව දිශානතීන් සොයන, ඒ වෙනුවෙන් කැප වන මානව සමාජයක් ගොඩනැගෙමින් පවතී. එම ගොඩනැගීම්වල පදනම අප සමාජය තුළ සාධාරණත්වය, සමානාත්මතාවය සහ නිවහල්භාවය ආදිය උදෙසා කැප වීමයි.
නව දැක්මක් යටතේ ප්‍රාදේශීය පාලනය රටේ සංවර්ධනය වෙනුවෙන් සෘජුව දායක කර ගැනීම ඉතා වැදගත් මෙන්ම අභියෝගාත්මක එකක්ද වෙයි.
අපගේ ප්‍රාදේශීය සභාව ජනතාවට ආසන්නම පාලන ආයතනයක් ලෙස සමාජය තුළ වෙනසක් කළ සම්මානලාභී ආයතනයකි. ගතවූ කාලය තුළ දුශ්කරතා මධ්‍යයේ වුවද ජනතාවගේ ජීවිතවල ගුණාත්මකභාවය උසස්කිරීම උදෙසා විවිධ සේවා අප සභාව මඟින් සිදුවිය.
ඉන් අතර මාර්ග නඩත්තු කිරීම, මහජන සෞඛ්‍යය පවත්වා ගැනීම, කසළ කළමනාකරණ කටයුතු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහයෝගය, ව්‍යාපාර අවසර ලබාදීම්, වෙළඳසැල් ලියාපදිංචි කිරීම සහ ආරක්ෂිත වෙළඳ පරිසරය සඳහා නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි සේවා ප්‍රධාන වේ. අධ්‍යාපනික, සංස්කෘතික, ක්‍රීඩා සහ තරුණ ප්‍රජාව සංවර්ධනය යන ක්ෂේත්‍රවලද සැලකිය යුතු ප්‍රගතියක් ලබා දීමට උත්සාහ කළෙමු.
දේශපාලනය ගැන කාල් මාක්ස් දක්වන අදහස මෙසේ වේ:
"තමාට තමා විය හැකි වන්නේ, පුද්ගල නිදහස ආරක්ෂා කර ගත හැකි වන්නේ ගුණවත් සමාජයක් තුලදී පමණි. එනම් තනි තනි පුද්ගලයා තමාගේ යහපත සඳහා පමණක් ක්‍රියාත්මක නොවන, තම කණ්ඩායමේ යහපත සඳහා පමණක් ක්‍රියාත්මක නොවන, මුළු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කටයුතු කරන සමාජයකදී පමණි."
පාලනය යනු බලය භාවිතා කිරීමක් නොව, ජනතාවගේ අවශ්‍යතා සඳහා වගකීම් සපුරාලීමකි. පොදු මහජනතාව සුවෙන් සිටින යහපත් සමාජයක් ගැන හීනය අත්නොහළ යුතුය. එවැනි යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා ඔබගේ සහයෝගය සහ විශ්වාසය අවශ්‍ය වේ.
ගමඇතිගේ ආරියදාස
සභාපති
බලංගොඩ ප්‍රාදේශීය සභාව
අප ගැන
අමතන්න
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
045-2287276
045-2288909
balangodaps@gmail.com
071-3734992
077-4073305