045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

ගොඩනැගිලි සැලසුම් අනුමැතිය

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

1. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ඉදිකිරීම් කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු හෝ පවතින ඉදිකිරීම්වල වෙනස්කම් සිදු කිරීම (අමතර කොටස් එකතු කිරීම හෝ වෙනස් කිරීම) ආරම්භ කිරීමට පෙර නේවාසික හෝ වාණිජ ගොඩනැගිලි සැලසුම් සඳහා පළාත් පාලන ආයතනයෙන් අනුමැතිය ලබා ගත යුතුය.

ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසුව අදාළ පරිශ්‍රය භාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය (COC) ලබා ගත යුතුය.

2. අවශ්‍ය ලිපි ලේඛන

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ අයදුම්පත.
  2. අදාළ ඉඩමේ මිනින්දෝරු සැලසුම සහ සහතික කරන ලද පිටපත් 02 ක්.
  3. අදාළ ඉඩමේ ඔප්පු පිටපත. ඔප්පුව 2020 න් පසුව ලියාපදිංචි කර ඇත්නම් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මුද්‍රාව තිබිය යුතුය.
  4. ගොඩනැගිලි සැලසුමේ පිටපත් 03 ක්. නේවාසික හෝ ව්‍යාපාරික ගොඩනැගිලි වර්ග අඩි 3000 ට වඩා වැඩි නම් වරලත් ඉංජිනේරුවරයෙකුගේ සහතික කිරීම අවශ්‍ය වේ.
  5. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) මගින් නිකුත් කරන ලද භූමි යෝග්‍යතා සහතිකය.

2024.12.24 දිනැති අංක 2416/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලද ග්‍රාම නිලධාරී වසම් 11 සඳහා නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ ද, අනෙකුත් සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිවාස හා නගර සංවර්ධන ආඥා පනත යටතේ ද අනුමත කිරීම් සිදු කරනු ලැබේ.

3. අනුමත නොකළ ඉදිකිරීම් සඳහා

අනුමත නොකළ ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි සීමා සහ නොපවරා ගැනීමේ සහතික හෝ ජල සහතික නිකුත් නොකරනු ලැබේ.

4. ගාස්තු

විස්තරය ගාස්තුව (රු.)
අයදුම්පත් ගාස්තුව 250.00
නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ ක්‍රියාත්මක වන වසම් සඳහා 500.00

සටහන: ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සඳහා වන ලියාපදිංචි ගාස්තු වර්ග අඩි ප්‍රමාණය අනුව අය කරනු ලැබේ. වැඩිදුර තොරතුරු සඳහා සභාවේ ඉදිරිපස කාර්යාලය හෝ අදාළ විෂය භාර නිලධාරියා අමතන්න.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305