« ආපසු
දුවිලි ඇල්ල
බළන්ගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ බෙල්ලන්ගල රක්ෂිතයට මායිම්ව වළවේ ගඟ හා සම්බන්ධව මෙම සුන්දර දිය ඇල්ල පිහිටා තිබේ.වළවේ ගඟෙන් උපත ලබන මෙම ඇල්ල උසින් අඩි 131 කි. චමත් කාර දසුන් මවමින් ඉසිර විසිර ගිය දුලි වලාවන් විසිකරන දිය බිදු හාත්පස පාවී යයි. හිරු කිරණ මෙම දුවිලි වලාවන් හරහා ගමන් කිරීමෙදි දේදුන්නක දසුන් මැවේ. ශ්‍රි ලංකාවේ ආදිමයා ලෙස සැළකෙන බළන්ගොඩ මානවයා සොයා ගැනීම සිදු වුයේද මෙම දිය ඇල්ල ආශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙනි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන දුවිලි ඇලි පහේ චමත්කාර ජනකම දිය ඇල්ල මෙයයි. අලි දඩයමේ යමින් සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු මෙම දිය ඇල්ල සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙම දිය ඇල්ල සමන් දෙවියෝ විසින් මැව්වක් බව ගැමියෝ තුළ විශ්වාසයක් පවති. අතිතයේ විසු එක් රජ කුමාරයෙකු සතුරන් සමඟ යුධ වැදීමට යාමේදී තම රන් ආභරණ සඟවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බවට ජනප්‍රවාදයක් පවතී. දිය ඇල්ල පතිත වන ගැඹුරු ජලවාටයේ රන් තෝඩු පැළදි ආදෙක් සහ රන් පුහුලක් ඇති බවට ද ගැමියෝ අතර විශ්වාසයක් ඇත. සබරගමුව පළාත් සභාව මගින් සංරක්ෂණ කලාපයක් බවට ප්‍රකාශයට පත් කර ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව “ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ භූමිය” ලෙස මෙහි අක්කර 300 ක භුමියක් වෙන් කර තිබේ. අරළු, බුළු, නෙල්ලි වැනි ඖෂධීය ශාකද සබරගමුවට ආවේණික “ලේත් ඩින්සාටේ” සමනළ වර්ගයද “ ගැලොපර් ඩිකස් බයිකල් කරාටා “ නැමැති සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික හබන් කුකුළාද මෙම පරිසරය තුළ දැක ගත හැකිය. බළන්ගොඩ කල්තොට මාර්ගයේ 25 km කණුව අසලින් වමට හැරි 3 km වන මැදින් ගොස් දුවිලි ඇල්ලට ළඟා විය හැකිය. ඉහළින් වාහන නවතා තැබීමට රථගාලක් වන අතර ඒ ආසන්නයෙන් ඇල්ල අද්දරටම යාම සදහා පහළට බැසීමට පඩිපෙළක් වේ. සුන්දර වනපෙතක් මැදින් කුරුළු නාද අසමින් යාමට ඇති මෙම ගමන ඉතාමත් සිත් ඇද ගන්නා සුළුවේ. මදක් වෙහෙස ගෙන දෙන ගමනක් වුවද ඇල්ලේ වන චමත්කාරජනක විවිධ රටා දකින විට එම වෙහෙස ඉබේම පහවයයි. මෙම ස්ථානයේ සංචාරකයන් සදහා ගිමන් නිවා ගැනීමට බංකු තනා ඇති අතර කුඩා දරුවන් සදහා සෙල්ලම් උයනක් ද වේ. කල්තොට මැදබැද්ද මාර්ගයේ සිට ඉලුක් පැලැස්සට වම් පසින්ද දූවිලි ඇල්ලට ප්‍රවිශ්ට වන මාර්ගයක් තිබේ. කදු බැවුම් හා ප්‍රපාත වලින් ගහන මහ වන පෙතක පිහිටි දුවිලි ඇල්ල නැරඹීමට යාමේදි ප්‍රවේශම් විය යුත්තේ වල් අලින්ගෙනි. පළා පොළඟුන් වැනි සර්පයනන්ද මෙහි බහුලව දක්නට ලැබේ. ඇස් මායිමේ සිට නැරඹිය හැකි දෙස් විදෙස් සංචාරකයින්ගේ ජනාදරයට පත් දුවිලි ඇල්ල බළන්ගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි සුන්දරම දිය ඇල්ල බව සදහන් කළ යුතුමය. එම නිසාම බළන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් මෙම ඇල්ල හා ඒ අවට සංචාරක කලාපයක් ලෙස නම්කර තිබේ. මෙම සංචාරක කලාපයට ඇතුල්වීමට සුළු ගාස්තුවක් අය කරනු ලබන අතර ඇල්ලට ඇතුල් වන ගේට්ටුව අසලින් මෙම ගාස්තු ගෙවා ප්‍රවේශපත් ලබා ගත යුතුය. එම ගාස්තු පහත පරිදි වේ.
සංචාරකයන් සඳහා
දේශීය සංචාරකයන් සදහා එක් පුද්ගලයෙකුගෙන් - රු. 50.00
විදේශීය සංචාරකයන් සදහා එක් පුද්ගලයෙකුගෙන් - රු. 500.00
වාහන සඳහා
මෝටර් බයිසිකල් / ත්‍රීරෝද රථ - රු. 50.00
වෑන් / කැබ් / ජිප් / කාර් - රු. 100.00
බස් / ලොරි - රු. 150.00
සංචාරකයන් සඳහා
දේශීය සංචාරකයන් සදහා එක් පුද්ගලයෙකුගෙන් - රු. 50.00
විදේශීය සංචාරකයන් සදහා එක් පුද්ගලයෙකුගෙන් - රු. 500.00
වාහන සඳහා
මෝටර් බයිසිකල් / ත්‍රීරෝද රථ - රු. 50.00
වෑන් / කැබ් / ජිප් / කාර් - රු. 100.00
බස් / ලොරි - රු. 150.00
ආකර්ශනීය ගමනාන්ත
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305