« ආපසු
අලි කට ඇල්ල
බළන්ගොඩ සිට කල්තොට පාරේ කි.මි.1ක් පමණ ගිය විට කහටපිටිය හන්දිය හමුවේ. එම හන්දියෙන් වමට හැරී බටුගම්මන පාරේ කි.මි. 4ක් පමණ ගමන් කළවිට වම්පසින් හමුවන සිල්ලර බඩු කඩය අසලින් වමට ඇති මාර්ගයේ මීටර් 500ක් පමණ ගමන් කර අලිකට ඇල්ල වෙත ළගාවිය හැකිය. වළවේ ගගේ ඇති බැස්මකින් මෙම ඇල්ල හට ගැනෙන අතර අතීතයේ ජලය ගලා බැස ඇත්තේ අලියෙකුගේ කටක් වැනි ස්වරූපය ඇති ස්ථානයකිනි. එබැවින් මෙම ස්ථානයට අලිකට යන නම පටබැදී තිබේ. එහෙත් වර්තමානයේ මැණික් පතල්කරුවන්ගේ ක්‍රියාවන් නිසා අලියෙකුගේ කට වැනි ස්වරූපය අහිමි වී ගොස් තිබුන ද ඇල්ලේ සුන්දරත්වය නම් මැකී ගොස් නැත. විශාල ගල් තලාවක් හරහා සිලි සිලි හඩ නගමින් ගලා බසින වළවේ ගං කොමලියගේ ජලය මදක් අඩු කාලයට ඇල්ලේ සුන්දරත්වය වඩාත් තිව්‍ර වේ. වඩා උස ඇල්ලක් නොවුව ද පළලින් වැඩිය. ඇල්ල ඇද වැටෙන ස්ථානයේ සිට තවත් මීටර් 500ක් පමණ ගග දිගේ පහළට ගමන් කළ විට දිය පිරී පවතින වැවක් වැනි ස්ථානයක් හමුවේ. ජලය වැඩි කාලයට ඉතා ගැඹුරු වන මෙම ස්ථානය වැලි කුඹුර ලෙස හදුන්වන අතර මෙහි ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයන් බොහෝ දැකිය හැකිය. ඒ අතර කාෆයන්, වැව් බලයන්, හොරපොලයි, කොරලි, රතු කොරලි, හා තෙප්පිලි වැනි මත්ස්‍යයින් ද වේ. ගල් තලාවෙහි තැන තැන ගලින් තැනුනු ඉතාමත් ගැඹුරු වලවල් ඇති බැවින් ගමන් කිරීම ප්‍රවේශමෙන් සිදු කළ යුතුය. මෙය නුපුරුදු ඔබට දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බව ද කිව යුතුමය.
ආකර්ශනීය ගමනාන්ත
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305