« ආපසු
දිය නෑමට සුදුසු ස්ථාන 1
බළන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කි.මි.30 ක් පමණ ගමන් කළ විට කල්තොට හන්දිය හමුවේ. එම ස්ථානයෙන් වමට හැරී වේළිඔය දෙසට ගමන් කරන විට වම් පසින් දිගටම පිහිටා ඇත්තේ සිහිල් දියෙන් පිරි ස්වභාව සෞන්දර්යයෙන් අනූන ඇළ පහරකි. වැලිපත වෙල් යාය දක්වා ජලය ගෙන යන මෙම ඇළ මාර්ගයේ ස්ථාන රැසකම දිය නෑම සදහා තොටුපලවල් සකස් කර තිබේ. අනෙක් පසින් වන්නේ පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන දැවැන්ත ගස් පෙළකි. කොලොන්, කුඹුක්, පණු මුගුණ ආදී දුර්ලභ ගණයේ මෙම ගස් පෙළින් මහා මාර්ගයටත් ඇළ පහරටත් ලැබෙන සිහිල් සෙවණෙන් අවට පරිසරයේ උණුසුම තුරන්ව යයි. එමෙන්ම ගස්වැල් අතරින් ජල තලය මත වැටෙන මද හිරු රැස් විවිධ රටා මවන්නේ නෙත් සිත් වසග කරවමිනි. විඩාව සංසිදුවා ගැනීම සදහා ඇගපත දොවා ගැනීමට මෙම ස්ථාන වලින් ඇළට බසින ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබදව ද සැලකිලිමත් විය යුතුමය.
ආකර්ශනීය ගමනාන්ත
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305